ඇතැම් ප්‍රදේශවලට 75mm ක තද වැසි

මාර් 31, 2022

    සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට 75mmට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



    එමෙන්ම උතුරු පළාත සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කය හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News