අලුත් අවුරුද්දට සහන පැකේජයක්

මාර් 24, 2022

    එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන රාශියක් දීමට ආණ්ඩුව සූදානම් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවට ජනාධිපති මන්දිරයේදී ඊයේ (23) එක් වෙමින් ප්‍රකාශ කළේය.

    සර්ව පාක්ෂික සමුළුවේදී යෝජනා කෙරුණු පරිදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව නව අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් ඇමැතිවරයා පැවසීය.

    වර්තමාන ආර්ථික අර්බුද හමුවේ ජනතාව විඳින දුක හොඳින් දන්නා ආණ්ඩුවක් වශයෙන් ජනතාවට උපරිම සහන දීමට කිසිසේත් පසුබට නොවන බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    Latest News