"ඉර හඳ පායන ලෝකය" ජාතික රූපවාහිනියෙන්...

දෙසැ 18, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයින්ගේ උසස් රසවින්දනය සඳහා හෙට (19) සිට තවත් නවතම ටෙලිනාට්‍ය මාලාවක් විකාශය කරනවා.

    "ඉර හඳ පායන ලෝකය" නාට්‍ය මාලාව හෙට සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැකියි. "ඉර හඳ පායන ලෝකය" ටෙලි නාට්‍ය මාලාව ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන දයාරත්න රටගෙදරගේ අධ්‍යක්‍ෂණයක්. ඔහු මීට පෙර මහමෙර පාමුල, දෑකැති මුවහත, බෝගල සවුන්දිරිස් සහ සිත නිවන කතා වැනි සම්මානනීය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා.

    "ඉර හඳ පායන ලෝකය" නවතම ටෙලි නාට්‍ය මාලාව නිර්මාණය කර ඇත්තේ, ප්‍රවීණ නවකතා හා තිර කතා රචකයෙකු වන සෝමවීර සේනානායක විසින් සම්පාදිත "ඉර හඳ පායන ලෝකය" නවකතාව ඇසුරින්. මෙය, සමුද්‍රා හික්කඩුව සහ ශ්‍රීනාත් අර්ල් ද සිල්වාගේ නිෂ්පාදනයක්. "ඉර හඳ පායන ලෝකය" නාට්‍ය මාලාව තිර රචනය කළේ, සෝමවීර සේනානායක මහතායි. ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වනවා.

    Latest News