'කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ගැන හේමන්ත හේරත්ගෙන් අනාවරණයක්'

සැප් 15, 2021

    පූර්ණ එන්නත්කරණය කළ පිරිස 50% සීමාව පසු කිරීම රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    මෙතෙක් එන්නත් ලබා නොගත් පුද්ගලයින් එන්නත් ලබාගැනීම සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 24,349,601ක්.

    1,362,365 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර දෙවැනි මාත්‍රාව 1,747,236 දෙනෙකුට ලබා දී ඇත.

    Last modified on බදාදා, 15 සැප්තැම්බර් 2021 15:26

    Latest News