අවුරුදු 18ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් තහනම්; අමාත්‍ය නිමල්

ජූලි 27, 2021

    වයස අවුරුදු 18ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් තහනම් කරන බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගෘහස්ථ සේවක අයිතිවාසිකම් සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ කම්කරු අමාත්‍යාංශයේ අද පැවති සාකච්ජාවකදී. අදාළ පාර්ශව රැසක් සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්වූහ.

    ගෘහස්ථ සේවකයින්ට වැඩ කරන වේලාවක්, නිවාඩු සහ විවේක ලබාදීම ඇතුළු නව නීතිරීති රැසක් ගෙන එන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    Latest News