විදෙස් රැකියාවලට යන අයට අද සිට යුද හමුදාවෙන් කොවිඩ් එන්නත

ජූලි 28, 2021

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට නියමිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු කෙරෙන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    තවත් කොරෝනා ආසාදිතයින් 1,711 ඊයේ දිනයේ මෙරටින් වාර්තා විය. එම ආසාදිතයින් අතරින් 481 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බවයි, යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News