මහවැලි බී කලාපයේ කාබනික පොහොර නිෂ්පාදනය

ජූලි 22, 2021

    වස විසෙන් තොර වගාවක් සඳහා ගොවීන් විශාල ‍පිරිසක් මේ වනවිට දක්වන්නේ දැඩි උනන්දුවක්.

    ඒ අනුව, ඔවුන් කාබනික පොහොර නිෂ්පාදනයට සහ භාවිතයට යොමු වෙමින් සිටී. ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික පොහොර සකස් කරගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු හා වැඩමුළු මේ වනවිට දිවයින පුරා දැක ගත හැකියි.

    මහවැලි බී කලාපයට අයත් මඳුරුතැන්නේ ගොවි සංවිධාන 22ක ගොවීන් 3000ක් පමණ වී වගාවේ නිරත වෙයි. ගොවි සංවිධානවල එකමුතුවෙන් සෑම ගොවියෙකුගේම ගෙවත්තට හා කුඹුරට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරනු දැකගත හැක.

    ඉබ්බන්වැව ආශ්‍රිතව ඇති ජලජ ශාක සහ පිදුරු, වැටහිරියා, ගොම හා ඉවතලන ද්‍රව්‍ය යොදා පොහොර නිෂ්පාදනය කරනු ලබයි. අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පොහොර නිෂ්පාදනය නිරීක්‍ෂණයට එක්විය.

    Latest News