නාවින්න ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්.......

ජූනි 02, 2021

    මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිකාර සේවා සඳහා වෙන් කිරීම අද ආරම්භ කෙරිණ.

    එම රෝහල් පරිශ්‍රය අද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ නිරීක්‍ෂණයට ලක්වූහ. මහරගම අපේක්‍ෂා රෝහලට සම්බන්ධ කොට අධීක්‍ෂණය සිදු කෙරෙන මෙම ආයුර්වේද රෝහල ඇඳන් 100කින් සමන්විතයි.

    දෛනිකව රෝගීන් පරීක්‍ෂා කිරීම සඳහා කොවිඩ් ප්‍රතිකාර පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පුහුණුවක් ලබාදුන් ආයුර්වේද වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මීට යොදවා සිටී.

    රෝහල සඳහා ඔක්සිජන් පහසුකම් ද සපයා තිබේ. කොවිඩ් රෝගීන් ලියාපදිංචියේ සිට සුවය ලබා රෝහල්වලින් පිටව යන තෙක් රෝගීන්ගේ දත්ත මෙන්ම, කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා වෙන් කෙරුණු ආයුර්වේද රෝහල් 50ක් එකට සම්බන්ධ කර එම රෝහල්වල සියලු තොරතුරු නව පරිගණක මෘදුකාංගයක් මගින් සම්බන්ධ කර තිබීම විශේෂත්වයක්.

    මෙම ආයුර්වේද රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රම දායකත්වය ලබාදී තිබේ.

    Latest News