ඉන්දියාවෙන් රැගෙන ආ කේරල ගංජා, ලූනු බීජ නාවික හමුදා බාරයට

මැයි 08, 2021

    ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබූ, කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට වැඩි ප්‍රමාණයක් සහ ලූනු බීජ කිලෝග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් සිය බාරයට ගැනීමට නාවික හමුදාව සමත්විය.

    කල්පිටියට උතුරින් පිහිටි වයඹ දිග මුහුදේ සහ බටහිර මුහුදු තීරයේදී වැටලීම සිදු කෙරිණ. අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මෙරට මුහුදු තීරයට ඊයේ ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කළ නාවික හමුදාව යාත්‍රාව පරීක්‍ෂා කිරීමේ දී පාර්සල් 118ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික තොගය සොයා ගෙන තිබේ.

    ඉන්දීය ජාතිකයින් 7 දෙනෙකු එහි සිටි බව, නාවික හමුදාව පවසයි. කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කොට ඉන්දීය ජාතිකයන් 7 දෙනා ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර හැරීමට පියවර ගත් බව නාවික හමුදාව පවසයි.

    මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ තවත් මුර සංචාරයකදී ලූනු බීජ කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සමඟ 2ක් අත්අඩංගුවට ගැණින. ඩිංගි යාත්‍රාවකින් ඒවා රැගෙන එමින් තිබූ බව නාවික හමුදාව පවසයි. ඉදිරි නෛතික ක්‍රියාමාර්ග සඳහා සැකකරුවන් හා බීජ ලූනු කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත බාරදීමට පියවර ගැණින.

    Latest News