අවුරුදු සමයේදී රුපියල් 97ට සහල්; අමාත්‍ය මහින්දානන්ද (වීඩියෝ)

මාර් 09, 2021
  • එළඹෙන අවුරුදු සමයේදී රුපියල් 97ට සහල් ලබාදීමට බලාපොරොත්තු වන බව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අද අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී, ඔහු මේ බව අවධාරණය කළේය.

    2021 වසරේ වී මෙට්‍රික් ටොන් මිලියන 5කින් අපේක්‍ෂිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස් ලක්‍ෂයක්. මාසික පරිභෝජන අවශ්‍යතාව, මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ 95,000ක්. වසරක් සඳහා පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය, මෙට්‍රික් ටොන් විසිතුන් ලක්‍ෂ 40,000ක්. 2021 වසරේ සහල් අතිරික්තය, මෙට්‍රික් ටොන් හය ලක්‍ෂ 60,000ක්.

    මාර්තු 8 වැනිදා සිට අප්‍රේල් 7 දක්වා මසක කාලය තුළ වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ක්‍රියාත්මකයි. අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, හම්බන්තොට, මඩකලපුව දිස්ත්‍රික්ක 6ට ප්‍රමුඛත්වය හිමිවේ. දෛනිකව කුඹුරටම ගොස් වී මෙට්‍රික් ටොන් 6,000ක් අත්පිට මුදලට එම ක්‍රියාන්විතය යටතේ මිල දී ගැනේ.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 08:34

    Latest News