සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පොහොය අදයි (වීඩියෝ)

පෙබ 26, 2021
  • සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසොලොස්වක පොහොය අදයි.

    ඒ නිමිත්තෙසන් දිවයින පුරා විහාරස්ථානවල සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව විශේෂ ආගමික වැසඩහටන් සංවිධාන කර තිබේ. බුදුරජාණන් වහන්සේ, සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසව් තනතුරට පත් කලේ අද වැනි පොහෝ දිනකයි. වේළුවනාරාමයේදී, ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වුනේ ද, නවම් පොහොදා බව ශාසන ඉතිහාසයේ දැක්වේ. සංඝ සමාජයේ අභිවෘද්ධියට හේතු වූ ඔවාදප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ සිය ආයු සංස්කාරක අත්හැරීම ද අද වැනි දිනක සිදුවූ බව, ශාසන ඉතිහාසයේ සඳහන්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කරන "සද්ධර්ම වර්ෂා" නවම් පොහෝ දින ආගමික වැඩසටහන අද දවස පුරා සජීව ලෙස විකාශය කෙරෙන්නේ, හසලක-කොළොන්ගොඩ, ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ සිටයි. අටසිල්, බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 20:56

    Latest News