එ.ජා. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මුළුමනින්ම පක්‍ෂග්‍රාහී; අමාත්‍ය කෙහෙළිය (වීඩියෝ)

පෙබ 25, 2021
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මුළුමනින්ම පක්‍ෂග්‍රාහී බවත්, ඒ පිළිබඳ කිසිදු තර්කයක් නොමැති බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ප්‍රභාකරන් හා ඔහුගේ සහචරයින් අහිංසක දෙමළ ජනතාවට මෙන්ම ඔවුන්ගේ දරුවන්ට ලබාදුන් පීඩනය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවති උත්සවයකදී. අත්කම්, බතික්, කේක්, ඇතුළු නිර්මාණ එළිදැක්වීම නිමිත්තෙන් එමය සංවිධාන කර තිබිණ. නිර්මාණකරුවන්ට සහතිකපත් ද ප්‍රදානය කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2021 21:35

    Latest News