නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීම කල්යයි

පෙබ 17, 2021

    දැනට රහස් ​පොලිස් භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා උසාවිය හමුවට පමුණුවන මෙන් රහස් පොලිස් බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ හබයාස් කෝපුස් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය විසින් ලබන 24දාට කල් තබන ලදී.

    පෙත්සම අධ්‍යයනය කිරීම සඳහා කාලයක් ලබාදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ඉල්ලා සිටි අතර පෙත්සම සලකා බැලීම කල් තැබුවේ ඉන් අනතුරුවයි.

    අභියාචනාධිකරණ විනිසුරුවන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේගොඩ හමුවේ ඊයේ පෙත්සම සලකා බැලීය.

    Latest News