ගුවන් තොටුපල යළි විවෘත කිරීමත් සමඟ මගීන් 500ක් දිවයිනට (වීඩියෝ)

ජන 22, 2021
  • ගුවන් තොටුපල යළි විවෘත කිරීමත් සමඟ මගීන් 500 දෙනෙකු පමණ දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් කටුනායක සහ මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණියේ ඊයේ රාත්‍රී සහ අද. පැමිණි පිරිසට විදේශ සංචාරකයන්, මාධ්‍යවේදීන් සහ විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ඇතුළත්. කටුනායක ගුවන් තොටුපලට ගුවන් මගීන් 350 දෙනෙකු පමණ පැමිණ තිබේ.

    ඒ බහරෙන්, දෝහා කටාර්, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය යන රටවල සිටයි. එම පිරිසට ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු අයත්. සියලු දෙනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට අනුකූලව නිරෝදායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

    Last modified on සිකුරාදා, 22 ජනවාරි 2021 23:57

    Latest News