නැගෙනහිර පළමු කොවිඩ් මරණය අද (11)

දෙසැ 11, 2020

    නැගෙනහිර පළාතේ මුල්ම කොවිඩ් මරණය අද(11) සිදු වී ඇති බව වාර්තා වේ.

    සමන්තුරේ 2 මුන්කිලඩි පාරේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇත. කල්මුණේ අෂ්රෝෆ් රෝහලට පසුගිය 9 දා රාත්‍රියේ ඇතුළත් කර ඇති මෙම පුද්ගලයාට කොවිඩ් ලක්ෂණ පෙන්වීම නිසා රැපික් ඇන්ටිජන්ට් පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඒ පරීක්ෂණයෙන් පසු මොහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

    වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව මේ පුද්ගලයා අයි.ඩී.එච් රෝහලට පිටත් කර යවන අතරතුර දී මිය ගොස් ඇත. සිරුර නැවත අෂ්රෝෆ් රෝහල වෙත රැගෙන විත් ඇති අතර මේ වනවිට මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

    Latest News