අගමැතිතුමා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගනියි

දෙසැ 11, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තේය.

    ආගමික වතාවත්වල නිරත වූ අගමැතිතුමා, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අගමැතිතුමා, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කළේය.

    රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමියෝ මෙහිදී අගමැතිතුමාට අනුශාසනා කළහ.

    Latest News