ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප‍්‍රාප්තියට වසරයි

නොවැ 18, 2020

    ශි‍්‍ර ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදිවි ප‍්‍රාප්ති පළමු සැමරුම අදට (18) යෙදී තිබෙනවා.

    ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා පැවති ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ ජන්ද හැට නව ලක්ෂ විසි හතර දහස් දෙසිය පනස් පහක් ලබාගනිමින්.

    රාජපක්ෂ මැතිිතුමා එහිදී ලබාගත් වැඩි ජන්ද සංඛ්‍යාව දහතුන් ලක්ෂ හැට පන් දහස් දාසයක්.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ දිව්රුම් දුන්නේ අනුරාධපුර රුවන්වැලි මහ සෑය ඉදිරිපිටදී පසුගිය වසරේ නොවැම්බර් 18 වනදා.

    ජනාධිපතිවරණයෙන් මාස දහයකට පමණ පසුව පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීද රාජපක්ෂ මැතිතුමාගේ රජයට තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවුණා.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනධිපති ධුරයට පත්වීමෙන් පසු වැදගත් තීන්දු තීරණ රැසක් ගත් අතර ජනාධිපති කාර්ය මණ්ඩලය සහ පරිවාර රථ සීමා කිරිම, ජනාධිපති නිල නිවස ලෙස පදිංචි නිවස තෝරා ගැනීම සහ භාරකාර ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කිරිම ඒ අතර ප‍්‍රධාන තැනක් ගැනෙනවා.

    මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලඥයන්ගේ රුව භාවිත නොකිරිම, මැතිවරණ ප‍්‍රචාරණයේදී සහ රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ජායාරූප ප‍්‍රදර්ශනය නොකිරිමද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් වැදගත් තීන්දු කිහිපයක්.

    ජනතා ගැටලු විසදීම සදහා ගමින් ගම චාරිකා කිරිමටද ජනාධිපතිතුමා පියවර ගත්තා.

    ජනතා දුක්ගැනිවිලි ඍජුවම ඉදිරිපත් කිිරිමට ජනාධිපති කාර්යාලයට පළමු වරට ඔම්බුස්මන්වරයෙකුද පත්කෙරුණා.

    ජනතාවට ආර්ථික සහන ලබාදීම, උපාධිධාරින් පන් දහකට සහ අඩුආදායම්ලාභීන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීම ද ජනාධිපතිතුමා ගත් තීරණවල ප‍්‍රතිඑලයක්.

    ජනතාවට ආර්ථික සහන ලබාදෙමින් නව ආර්ථික සැකැස්මක් සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරිමද ගතවූ වසරක කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට වෙනුවෙන් ගනු ලැබූ වැදගත් තීන්දු තීරණ ලෙස සැළකෙනවා.

    Latest News