අපර භාගයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

නොවැ 11, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපර භාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු සහ නැගෙනහිර පළාත්වලත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇති වේ.

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු ඇති වේ. තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Latest News