හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීම ප්‍රමාදවීම ජිවිත අවදානමක්; ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ

නොවැ 05, 2020

    කොරෝනා වසංගතය නිසා අනෙකුත් හදිසි ප්‍රතිකාර පමා කර ගත යුතු නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීම ප්‍රමාදවීම ජිවිත අවදානමක් බව, ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය අවධාරණය කරන්නීය.

    “අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීම ප්‍රමාදවීම ජිවිත අවදානමකින් පවා කෙළවර විය හැක. අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරන ගර්භණී මව්වරුන් සහ ප්‍රසව මව්වරුන්, අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරන අලුත උපන් දරුවන්. දිගුකාලීන රෝග උත්සන්නවීමේ අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගීන්, හෘදයාබාධ වැනි හදිසි රෝග තත්වයන් පෙන්නුම් කරන පුද්ගලයින්.

    කොරෝනා සමයේ ලෝකය පුරා මාතෘ මරණ, ළදරු මරණ, අනෙකුත් රෝග නිසා සිදුවන මරණ, විශාල අභියෝගයක් ලෙස වාර්තාවේ. කොරෝනා මෙන්ම අනෙකුත් රෝගවලින් ද, ඔබේ ජිවිත සුරක්‍ෂිත කරගැනීම, ඔබ අප කාගේත් වගකීමයි.

    කොරෝනා සඳහා වෙනම රෝහල්, වාට්ටු වෙන්කර තිබේ. අනියත බියක් ඇතිකර නොගෙන, අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා නොපමාව රෝහල්ගත වන්න. බුද්ධිමත්ව කටයුතු කර ජිවිත සුරක්‍ෂිත කර ගනිමුයි“ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය පවසන්නීය.

    Latest News