කොවිඩ්-19; 319කට පූර්ණ සුවය

ඔක් 24, 2020

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගෙන් අද වනවිට 319 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටී.

    78 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගිය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊයේ මෙරටින් කොවිඩ් 19 රෝගීන් 886 දනෙකු හඳුනා ගනු ලැබීය. එය මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනයි. ඊයේ හඳුනා ගනු ලැබූ රෝගීන් 865 දෙනෙකු දේශීයව හඳුනාගත් රෝගීන්. ඊයේ 535 දෙනෙකු හඳුනා ගැනුණේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතවයි.

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3684ක්. ඉන් 1041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් 2643 දෙනාම එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය පවසයි.

    Latest News