රංජන් සහ හිරුණිකා ජනාධිපති කොමිසම පැහැර හැරී අය බවට තීරණය කරයි

ඔක් 21, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පැහැර හැරී පුද්ගලයන් බවට තීරණය කල බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා.

    ඒ හිටපු යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාලවයි.

    මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාළව විමර්ශන කල සී.අයි.ඩී යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රමුඛ නිලධාරීන් බුද්ධි අංශ නිලධාරීන් දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල බවට කරුණාසේකර මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා .

    මේ අතර යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් චාමික සුමිත් මහතා ද අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

    ඔහු සදහන් කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමන්ව සිසිර තිසේරාගේ කාමරයට රැගෙන ගිය බවයි.

    එහිදී සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා තමන් අමතා " සුමිත් නිශාන්ත සිල්වා කියන විදියට සහය දක්වලා වැඩ ටික කරගෙන යන්න. ඔයා නිශාන්ත සිල්වා කියන විදියට කටඋත්තර දීලා යන්න . " යනුවෙන් පැවසූ බවයි.

    එම යෝජනාවට එකඟ නොවූ බැවින් තමා සමග උරණවූ තිසේරා " මම උඹව කොහොම හරි ඇතුලට දානවා මූට කියලා වැඩක් නෑ. මූට බී රිපෝට් එකක් දාන්න මම අත්සන් කරන්නම්" යනුවෙන් පවසමින් පොළොව අඩිය ගසමින් පිටව ගිය බව චාමික සුමිත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    Latest News