යුතුකම සුහද හමුවට අගමැති එක්වෙයි

සැප් 11, 2020

    යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (11) එක්විය.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම සුහද හමුව පැවැත්විණි. රටට එරෙහි පසුගිය ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව 2015 වසරේදී යුතුකම ජාතික සංවිධානය පිහිටවනු ලැබීය. ව්‍යවස්ථා සංශෝධන, රණවිරු දඬයම, රාජ්‍ය දේපළ විකිණීමට ඇතුළු පසුගිය ආණ්ඩුවේ රටට එරෙහි වැඩපිළිවෙළට හඬක් නැගීමට යුතුකම ජාතික සංවිධානය මැදිහත් විය.

    එම වැඩපිළිවෙළට එක්වූවන්ට කෘතගුණ දැක්වීම සඳහා මෙම සුහද හමුව සංවිධානය කර තිබිණි. යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් මහත්වරු ඇතුළු යුතුකම ජාතික සංවිධානයේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍යතුමා සුහඳ පිළිසඳරක නිරත විය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News