අගමැතිතුමා ආගමික වතාවත්වල (වීඩියෝ)

අගෝ 10, 2020
  • අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.

    විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා, ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව ආගමික වතාවත්වල නිරත විය. අග්‍රාමාත්‍යවරයා නුගේගොඩින් ආරම්භ කළ බල පෙරළිය ලොවක් මවිත කළ බව අනුශාසනාවක් කරමින්, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් කියා සිටියේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා, ඊයේ රාත්‍රී ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ද පැමිණියේය.

    කොළඹ සම්බුද්ධත්ව ජයන්ති විහාරයට වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය ආශීර්වාද පළ කළේය.

    Last modified on සදුදා, 10 අගෝස්තු 2020 19:52

    Latest News