අද කොවිඩ්-19; රෝගීන් ‍02ක් පමණයි (වීඩියෝ)

ජූලි 28, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකුම අද රෝහල්වලින් පිටව ගියේය.

    මෙතෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පිරිසක් රෝහල්වලින් පිටව ගියේ අදයි. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,296ක් දක්වා ඉහළ ගියේය.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 2,296ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 81.79ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 500 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 17.81ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු ‍02ක් පමණක් අද මෙරටින් වාර්තා විය. ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ යේ සිට පැමිණි පුද්ගලයින්.

    මේ අතර, අද වනවිට මෙරට තුළ පීසීආර් පරීක්‍ෂණ එක් ලක්‍ෂ 54,191ක් සිදුකර තිබේ. ඊයේ දිනය තුළ පීසීආර් පරීක්‍ෂණ 1,126ක් සිදු කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:41

    Latest News