අත්අඩංගුවේ තිබූ ට්‍රෝලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට (ඡායාරූප)

දෙසැ 19, 2018

    ශ්‍රී ලංකා නාවික හමුදා බාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 7ක් යලි එරටට බාරදීම සිදු කෙරිණ. 

    ඒ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෙනි.  නිදහස් කරන ලද ට්‍රෝලර් යාත්‍රා 2015, 2016, 2017 යන වර්ෂයේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නාවික හමුදාවේ අත්අඩංගුවට පත් විය. 

    ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ නැංගුරම්ලා තිබූ මෙම ට්‍රෝලර් යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා පසුගියදා ඉන්දියාවෙන් ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණි බව, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.  කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අමේයා නෞකාව වෙත අදාළ ටෝලර් යාත්‍රා ලබාදීමට පියවර ගනු ලැබීය.

    3

    6

    5

    Latest News