“ප්‍රසන්න“ පොදුජන අරගලය ග්‍රන්ථය එළිදකී

මාර් 13, 2020

    2015 ලද පරාජය කිසිසේත් අමතක නොකළ යුතු බව, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    යළිත් පරාජයට පත් වුවහොත්, රටක්, අනාගත පරපුරට ඉතුරු නොවන බව ඔහු කියා සිටී. “ප්‍රසන්න“ පොදුජන අරගලය නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

    ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ පරාජයට පත්වූ දා සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවති ජනාධිපතිවරණය දක්වා ප්‍රසන්න රණතුංග මහතාගේ දායකත්වය පිළිබඳවයි. ග්‍රන්ථය රචනා කරන ලද්දේ මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා විසින්. බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී කියා සිටියේ, ඕනෑම කෙනෙකුට සමාව දිය හැකිවුවත්, කිසිවක් අමතක නොකළ යුතු බවයි.

    Latest News