සිංහල බෞද්ධයා හැර වෙනත් ආගමිකයින් ආගමට ගරහනවා දැක නැහැ

ජන 06, 2020

    සිංහල බෞද්ධයා හැර අනික් සෑම ආගමකම ජනතාව තමන්ගෙ ආගමට හෝ හාමුදුරුවරුන්ට හෝ පූජක උතුමන්ලාට කිසිවිටෙක ගරහනවා දැක නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     බෞද්ධයින් තමන්ගේ ආගමට අපහස කිරිමේ තත්රවයකට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ.

    රන්න, අඟුණුකොළපෑලැස්ස, වීරකැටිය සහ තංගල්ල යන කලාපයේ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් දහසකට දහම් අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් සහ උපකරණ බෙදාදිමේ අවස්ථාවට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසිය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේ බෞද්ධයන් ලෙස පෙනි සිටි පිරිස් හාමුදුරුවරුන්ට ගරහපු හැටි සහ එවා මාධ්‍යවල ප්‍රචාරය කර හැටි ඉතාම ලැජ්ජාසහගත යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පැවසිය.

    කසාගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති තලහගම පෝරුවේ ඉන්ද්‍ර සිරිසුමන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි තායිලන්තයේ ශ්‍රී ධම්මානන්ද පදනම මගින් දහම් අධ්‍යාපනය නගාසිටුවීම සඳහා තායිලන්තයේ පස්සදි බෞද්ධ ආයතනය අනුග්‍රහයෙන් මෙම පොත්පත් සහ උපකරණ පිරිනැමිණ.

    මෙම අවස්ථාවට කේ. ශ්‍රී. ධම්මානන්ද පදනමේ සභාපති සහ අනුශාසක කොටවිල සිරිධම්ම හිමියන් ද සහභාගි වුහ.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 13:20

    Latest News