ඇෆ්ගනිස්ථානයේ ෆාරාහ් ප්‍රාන්තයේදී තලෙයිබාන් සටන්කාමීන් 200 දෙනෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක මෙහෙයුම් වලට අදාළව කඩු, උල්පිහි, කිනිසි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදෙන ලෙසට කළ ඉල්ලීම් අනුව කඩු 15 ක් බේරුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරු එළඹෙන මැයි මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය.
හැටන් ශ්‍රි කුරුසදේවස්ථානයට පැමිණ පලා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔහුන්ගේ ඥාතින් සමග අද (07) හැටන් පොලිසියට භාර වි ඇත.
පැපුවා නිව් ගිනියා හී රිච්ටර් මාපක 7.2ක පරිමාණයේ භූමි කම්පාවක් අද (7) සිදුව ඇතැයි, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව පැවසෙන මොහොමඩ් ෆාරුක් 5/21 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අවසර ලබා දේ.
කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් අහිංසක ශිෂ්‍යයින් හා ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළා යැයි පැවසෙන සිද්ධියට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හත්දෙනා ලබන 21 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග නිකුත් කළේය.