පැපුවා නිව්ගිනියාවට භූ කම්පනයක්

මැයි 07, 2019

    පැපුවා නිව් ගිනියා හී රිච්ටර් මාපක 7.2ක පරිමාණයේ භූමි කම්පාවක් අද (7) සිදුව ඇතැයි, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

    දකුණු ශාන්තිකර කලාපයේ කි.මී 33ක් වයඹ දෙසින් පිහිටි බුලෝලෝහි මෙය හට ගෙන තිබේ.

    එරට වේලාවෙන් උදෑසන 7.19 ට කි.මී 126.9ක ගැඹුරකින් යුක්තව දකුණු අක්ෂාංශක 6.977ක් සහ නැගෙනහිර දේශාංශක 146.440ක් ලෙස භූමිකම්පාව සිදුව ඇති බවට තහවුරු වී ඇත.

    මේ අවස්ථාවේ කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

    දේපල හානි ඇතත් ජීවිත හානි වාර්තා නොවන බව පැවසේ.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 15:01

    Latest News