තලෙයිබාන් සටන්කාමීන් 200ක් මරුට

මැයි 07, 2019

    ඇෆ්ගනිස්ථානයේ ෆාරාහ් ප්‍රාන්තයේදී තලෙයිබාන් සටන්කාමීන් 200 දෙනෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    තලෙයිබාන් සටන්කාමීන්ගේ කදවුරක් ඉලක්ක කර ගනිමින් ඇෆ්ගන් ආරක්ෂක අංශ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්.

    එමෙන්ම අදාල කදවුරේ තිබූ රසායනාගාරය 68 ක්ද ප්‍රහාර වලින් විනාශයට පත්ව ඇති බව, ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    අදාළ රසායනාගාර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා තලෙයිබාන් සටන්කාමීන් විසින් යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත.

    Latest News