"බුරවි" සුළි කුණාටුව මන්නාරම්,බොක්කේ සිට කිලෝමීටර 145ක් බටහිර දෙසින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

නල්ලතන්නිය, මොහිණි ඇල්ල අසල පස් කන්දක් අද උදෑසන 9.00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබේ.

“බුරවි” සුළි කුණාටුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි.

අද කාලගුණය

ජූලි 28, 2024

මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කළාය.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිසා අනිද්දා (23) සිට ලබන 25 වැනිදා දක්වා උතුර,නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මි.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News