තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ මොහොමඩ් අලියර් කාන්තන්කුඩියේ දී අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමට ග්‍රාමීය මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට ක්‍රියාත්මක කරන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වූහ.
විදුලිය සදහා වන ඉල්ලුම යලිත් ඉහළ යාමත් හා විදුලි බල ජලාශවල ජල මට්ටම අඩුවීමත් තිබිය දී අර්බුදයකින් තොරව අඛණ්ඩ විදුලි සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එහි අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමඟිය ගොඩනැඟීමේ ක්රියාදාමයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බැවින් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්ෂා කිරිමට සෑම පියවරක්ම ගත යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.