ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පවතින වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු තවමත් විවෘතව පවතියි. කලාවැවේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයක දී කලාඔයට එක් කෙරෙන ජල ධාරිතාව ඝන අඩි 4200ක්. එමෙන්ම, රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු 8ක් තවමත් විවෘතව පවතියි.

දිවයිනට ඇද හැලෙන අධිනක වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර දමා තිබේ.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාවට නංවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාල ගුණයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට නාවික හමුදාව සහන සැලසීමේ කටයුතු ආරම්භ කර තිබේ.

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදාවන්හි දී ජනතා ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරිමේ සියළු ක්‍රියාමාර්ගයන් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

Latest News