රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළේ වෙළෙඳ සංකීර්ණයේ කඩසාප්පු සියල්ල වසා දැමීමට රත්නපුර මහ නගර සභාව ඊයේ පියවර ගත්තේය.

අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කර සිටින බව වාර්තා වෙයි.

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මනාළියක් කොවිඩි 19 ආසාධිතයෙක් බවට අනාවරණය වීමෙන් අනතුරුව මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගි වූ පවුල් 35 ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාහට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් පස් දෙනෙක් 'කොවිඩ්-19' ආසාදිත බවට හඳුනාගෙන ඇත.

බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.

මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට ‍කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් ඔවුන් පිළිබඳ ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පූර්ව සූදානමක් ඇති බවත් ඒ අනූව යුක්‍රේනයෙන් පැමිණි කොවිඩ් ආසාදිත බව තහවුරු වූ සංචාරකයන් තිදෙනා පිළිබඳ ඉදිරි පියවර සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙන ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Latest News