දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 106 දක්වා ඉහළ ගොස් තිබේ.  ඒ වෛරසය ආසාදනය වී ඇති බවට තවත් සිව් දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමගයි. 

ලොව පුරා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ. වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ, තුන් ලක්ෂ තිස් හත් දහසක් ලෙසයි.

මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

'කොවිඩ් 19' හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. 

කොරෝනා වෛරසය මැඩලීමට අදාළ ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ඊයේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කළේය. වටිනාකම රුපියල් කෝටි 11කට ආසන්නයි.

දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ තවත් 6 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරුකර ගැනීමත් සමගයි.

ගත වු පැය 24ක කාලය තුළ පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තාවී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක්. මේ වන විට ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 4,032ක්.

"කොවිඩ් 19" හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් මේ වන විට ලොවපුරා මරණ 11,383ක් වාර්තා වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 275,000 ඉක්මවා ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ.

Latest News