පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇති නොවන අතර ඒ පිළිබඳව මහජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නියමිත බර ප්‍රමාණයෙන් යුත් ගෑස් සිලින්ඩර් සඟවන පුද්ගලයින් සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්.

දිවයින පුරා පිහිටි ගෑස් ගබඩා සහ අලෙවි සැල් පරීක්ෂා කර, ගෑස් සඟවාගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මේ සඳහා වැටලීම් නිලධාරීන් 500කට අධික පිරිසක් යොදවා ඇති බවයි, මෙම අධිකාරිය පවසන්නේ.

මේ සතියේ සිට කිසිදු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අද මාධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ගෑස් සහ කිරිපිටි මිල සංශෝධනය කිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනූව, කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 250/-කින් අඩු කිරීමටත්, ආනයනික කිරිපිට ග්‍රෑම් 400ක මිල රුපියල් 20කින් ඉහළ නැංවීමටත් එම කමිටුව අනුමැතිය ලබාදී තිබේ. ලෝක වෙළෙඳපොළ මිල ගණන් වෙනස්වීම මත මෙම තීරණය ගත් බවයි, ජීවන වියදම් කමිටුව පවසන්නේ.

Latest News