වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

නොවැ 07, 2019

    දිවයින පුරා පිහිටි ගෑස් ගබඩා සහ අලෙවි සැල් පරීක්ෂා කර, ගෑස් සඟවාගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මේ සඳහා වැටලීම් නිලධාරීන් 500කට අධික පිරිසක් යොදවා ඇති බවයි, මෙම අධිකාරිය පවසන්නේ.

    ගෑස් සඟවාගෙන ඇති බවට සහ වැඩි මිලට අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී තිබේ. දිවයිනේ ගෑස් බෙදා හැරීම බාධාවකින් තොරව සිදු වන බවයි ගෑස් සමාගම් පවසන්නේ. මේ වන විටත් දිවයිනට ප්‍රමාණවත් ගෑස් තොග ළගාවී තිබේ. ඉදිරියේ දී ගෑස් හිඟයක් ඇති නොවන බවයි එම සමාගම් පෙන්වා දෙන්නේ. ගෑස් සිලින්ඩරවලට පිරවීමේ කටයුතු යුහුසුළුව සිදු කෙරෙන අතර, ඒවා දිවයිනපුරා පිහිටි නියෝජිතයින් හා අලෙවිසැල් වෙත කඩිනමින් ප්‍රවාහනය කිරීමට ගෑස් සමාගම් පියවර ගෙන තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 10:00

    Latest News