වැඩිමිලට ගෑස් විකුණූ වෙළඳුන් සොයා වැටලීම්

ඔක් 15, 2019

    පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    තවමත් ගෑස් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977 ක්ෂණික දුරකථනය ඔස්සේ දැනුම්දිය හැකියි. ගෑස් මිල අඩුකර තිබියදී, මිල අඩු නොකර තවමත් වැඩි මිලට ගෑස් අලෙවි කිරීම වරදක් බව එම අධිකාරිය පෙන්ව දෙයි. පසුගිය 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240/-කින් අඩු කිරීමට පියවර ගැනිණ.

     

     

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 07:41

    Latest News