වෙළෙඳපොළ ගෑස් හිඟයක් නෑ; ලිට්‍රෝ සමාගම

ජූලි 20, 2021

    වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇති නොවන අතර ඒ පිළිබඳව මහජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවයි.

    ඒ සඳහා අවශ්‍ය කරන ගෑස් තොග තම සමාගම සතුව දැනටමත් ඇති බවත් ඉදිරියේ දී අවශ්‍ය වන අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට ඇති වෙළෙඳපොළ හැකියාව සහ සැපයුම් ජාලය තම සමාගම සතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අනූව මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20%ක් පමණ වූ ප්‍රමාණයක් සපයනු ලබන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත්, මෙම තත්ත්වය ආවරණය කිරීම සඳහා හැකියාව ලිට්‍රෝ ගෑස් සමාගම සතුව තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

    Latest News