පාරිභෝගිකයින්ට සැඟවූ ගෑස් සිලින්ඩර් 27ක් නිලධාරීන් විසින් එළියට

ජූනි 16, 2021

    නියමිත බර ප්‍රමාණයෙන් යුත් ගෑස් සිලින්ඩර් සඟවන පුද්ගලයින් සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්.

    පාමංකඩ ප්‍රදේශයේ ගෑස් අලෙවිසැල් පරීක්ෂා කිරීම,ඊයේ සිදු කෙරිණ. කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් වෙළෙඳසැල්වල නොමැති බවට පාරිභෝගිකයින්ගෙන් ලද තොරතුරක් මතයි,එය සිදු කෙරුණේ.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ පුද්ගලයෙක් සාමාන්‍ය පුරවැසියෙකු ලෙස පෙනී සිට ගෑස් සිලින්ඩර ඉල්ලා ඇතත් වෙළෙඳසැල් හිමියෙකු ඒවා නොමැති බව ප්‍රකාශ කර තිබේ.

    අධිකාරියේ නිලධාරීන් විසින් වෙළෙඳසැල පරීක්ෂා කිරීමේ දී කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් 27ක් එහි සඟවා තිබිය දී සොයා ගනු ලැබීය.

    වෙළෙඳසැල් හිමිකරු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි. නියමිත බරින් යුත් ගෑස් සිලින්ඩර් පමණක් අලෙවි කරන ලෙස පාරිභෝගික අධිකාරිය වෙළෙඳසැල් හිමියන්ට දැනුම් දෙයි.

    Last modified on බදාදා, 16 ජූනි 2021 11:12

    Latest News