ඊයේ (15) දිනට ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 643 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොවිඩ් -19 රෝගියෙක් වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඊයේ (14) දින ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 688 දෙනෙකු හඳුනාගෙන ඇත.

තවත් 489කට සුවයි

අප්‍රේ 28, 2024

මෙරට සුවය ලැබු සමස්තය 23,793ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමගයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 760 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 4 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර තවත් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි විදේශීය පුද්ගලයෙක් ලෙස වාර්තා වෙයි.

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 623 දෙනෙක් හමුව තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 ආසාදිතයින් 570 දෙනෙක් සුවය ලබා තිබේ.

කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භ වූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ඊයේ (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය.

ඊයේ (09) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබීය. එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.

Latest News