බිදවැටුණු ආර්ථිකය, ආරක්ෂාව හා සංහිදියාව ගොඩනැඟීමත් ජනතාව තුළින් මරබියත් නැති කිරීම දැනට තිබෙන අභියෝගය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසයි.
ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට හා එංගලන්තයේ පැවැත්වෙන ලෝක නෙට්බෝල් ශූරතාවලියට කෙටි කාලයක් තිබියදී ජාතික නෙට්බෝල් තේරීම් කමිටුව හදිසියේම වෙනස් වේ.
තායිලන්ත මහ මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට තායිලන්ත විරුද්ධ පක්ෂය හෙවත් පේහු තායි පක්ෂය සමත් වුවත්, සෙනට් මණ්ඩලයේ බහුතරය පාලක පලන්ග් ප්‍රචා රාත් පක්ෂය දිනාගැනීමෙන් වත්මන් අගමැති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව වාර්තා වේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙන මගීන් සඳහා නව ආරක්ෂක සැලැස්මක් ගුවන් හමුදාව විසින් හඳුන්වා දී තිබේ.
අන්තවාදය රටෙන් අතුගා දැමීමේ වගකීමක් මුස්ලිම් ජනතාවට ඇතැයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
මහානායක හිමිවරුන්ට හා විහාරාධිපතිවරුන්ට කැමැති ආකාරයට වෙසක් උත්සවය පැවැත්විය හැකි බවත් රජය වෙසක් උත්සව සඳහා ආරක්ෂාව සහ සහයෝගය ලබාදෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාල ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට හා අවිශ්ක ගුණවර්ධනට දූෂණ චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කිරීමට අද(10) තීරණය කර ඇත.