තායිලන්ත මැතිවරණයේ බහුතර ආසන විපක්ෂය දිනාගනී

මැයි 10, 2019

    තායිලන්ත මහ මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට තායිලන්ත විරුද්ධ පක්ෂය හෙවත් පේහු තායි පක්ෂය සමත් වුවත්, සෙනට් මණ්ඩලයේ බහුතරය පාලක පලන්ග් ප්‍රචා රාත් පක්ෂය දිනාගැනීමෙන් වත්මන් අගමැති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව වාර්තා වේ.

    2014 වසරේ තායිලන්තයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට පැවති ප්‍රථම මහා මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාව විරුද්ධ පක්ෂය ජයගෙන ඇති බව, තායිලන්ත මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

    පේහු තායි පක්ෂය හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ශිනවත්‍රාගේ සහයෝගය ලැබූ පක්ෂය වන අතර, ඔවුන් මෙවර මැතිවරණයෙන් ආසන 136ක් දිනාගැනීමට සමත්ව ඇති අතර, පාලක පක්ෂයට හිමිව ඇත්තේ ආසන 115ක් පමණි.

    මැතිවරණ අක්‍රමිකතා සහ විවිධ චෝදනා හේතුවෙන් මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට සති 6ක කාලයක් ගත වූ අතර, එරට නව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝර්න් ඔටුනු පැළඳීමේ තෙදින උත්සවයෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබුණි.

    Latest News