ජාතික නෙට්බෝල් තේරීම් කමිටුවේ වෙනසක්

මැයි 10, 2019

    ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට හා එංගලන්තයේ පැවැත්වෙන ලෝක නෙට්බෝල් ශූරතාවලියට කෙටි කාලයක් තිබියදී ජාතික නෙට්බෝල් තේරීම් කමිටුව හදිසියේම වෙනස් වේ.

    මෙම ජාත්‍යන්තර නෙට්බෝල් ශූරතාවලි දෙකට සහභාගී වීමට නියමිත මූලික සංචිත හිටපු ජාතික තේරීම් කමිටුව තෝරා නම්කරදී තිබියදී, ඊයේ සිදුවූ හදිසි වෙනස්වීම හේතුවෙන් නව තේරීම් කමිටුවට අවසන් කණ්ඩායම නම් කිරීමේ වගකීම භාර වේ.

    ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවන කණ්ඩායමේ මූලික සංචිතයට ක්‍රීඩිකාවෝ 30ක් හා ලෝක නෙට්බෝල් ශූරතාවලියට ක්‍රීඩිකාවන් 16ක් තෝරා මේ දිනවල නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණයේ පුහුණුවීම් සිදු කෙරෙන මෙයින් ක්‍රීඩිකාවන් 12 බැගින් අවසන් කණ්ඩායමට නම් කළ යුතුවේ.

    නව ජාතික නෙට්බෝල් තේරීම් කමිටුවේ සහභාගීත්වයෙන් ජපානයට හා එංගලන්තයට යන කණ්ඩායම් දෙකේ අවසන් තේරීම් මේ මස 12 වැනිදා සිදු කිරීමට නියමිතයි.

    Latest News