මාලිංගගේ අලුත් වගකීම

අගෝ 20, 2023

    හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2024 IPL තරගාවලියේ දී Mumbai Indians කණ්ඩායම සමඟ නැවත එක් වීමට නියමිත බව වාර්තා වනවා. 

    ක්‍රීඩකයකු ලෙස IPL තරගාවලියේ දී මාලිංග විසින් නියෝජනය කළ එක ම කණ්ඩායම වන Mumbai Indians කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවයි මෙවර මාලිංග හට හිමි වී තිබෙන්නේ.

    ඒ අනුව වසර 9ක් මුළුල්ලේ Mumbai Indians කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධුරයේ කටයුතු කළ නවසීලන්තයේ Shane Bond හට එම වගකීමට සමු දීමට සිදු වනවා.

    2021 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව 2022, 2023 වර්ෂ වල දී Rajasthan Royals කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස මාලිංග විසින් කටයුතු කළ අතර, ඊට ප්‍රථම ඔහු විසින් 2018 වසරේ දී Mumbai Indians කණ්ඩායමේ උපදේශකයකු ලෙස ද කටයුතු කළා.

    Latest News