වනිඳු ද ? දසුන් ද?

අගෝ 19, 2023
    LPL ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා. ඒ, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් අතර.

    තරගය රාත්රි 7.30 ට ආරම්භ වන්නේ, කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේ දී.

    මූලික වටයේ දී ලකුණු සටහන අනුව දෙවැනි ස්ථානයේ පසු වූ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් දඹුල් අවුරා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.
     
    ඒ, කඩුලු 6 කින්. අනතුරුව දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය සඳහා ක්රීඩා කිරීමේ අවස්ථාව ගෝල් කණ්ඩායමට හිමි වුණා.
     
    අද ඔවුන්ගේ ප්රතිවාදින් වන බී ලව් කැන්ඩි කණ්ඩායම මූලික වටයේදී තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් කණ්ඩායම් 4ය පිවිසියා.
     
    ඔවුන් මූලික වටයේ සිව් වැනි ස්ථානයේ පසු වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගය ජයගැනිමෙන් පසුවයි, අද පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසියේ.
     
    එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම LPL ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. දැනටමත් දඹුල්ල අවුරා කණ්ඩායම ඊට සුදුසුකම් ලබා අවසන්.

    Latest News