පැය 24කටත් කළින් ටිකට් ඉවරයි

අගෝ 19, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්.

    ලබන 31 වැනිදා තරගය පැවැත්වෙන්නේ, පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

    ආසියානු කුසලානයේ තරග සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ඊයේ ආරම්භ කෙරුණේ, මාර්ගගත ක්‍රමයටයි.

    පල්ලේකැලේ ක්‍රීඩංගණයේ 35,000කට එකවර තරග නැරඹීමට අවස්ථාව හිමිවන අතර ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වී පැය 24ක් ගත වීමටත් පෙර සියලු ප්‍රවේශ පත්‍ර අවසන් වීම විශේෂත්වයක්.

    Latest News