'කලම්බෝ' කුසලාන සිහිනය බිඳෙයි

අගෝ 16, 2023
    කලම්බෝ ස්ට්රයිකර්ස් කණ්ඩායමට මෙවර LPL ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

     ඒ ඊයේ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලූ 8 කින් පරාජය වීමත් සමගයි. තරගය කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණය ක්රීඩාංගණයේ පැවැත්වුණා.

    දෙපිලටම තීරණාත්මක වූ තරගයේ කාසිය වාසිය දිනු ගෝල් ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පහරදීමට ප්රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා.
    නමුත් ගෝල් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් හමුවේ කලම්බෝ ස්ට්රයිකර්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක වීමට හැකි වුණේ නැහැ.
     
    ඒ අනුව ඔවුන්ට පන්දුවාර 15 යි පන්දු 4 ක් අවසානයේ සියලු ක්රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 74ක් පමණයි.
    විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටබ්රේස් ශම්සි ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගත්තා. සීක්කුගේ ප්රසන්න ලකුණු 14 කට කඩුලු 3 යි.
     
    පිළිතුර ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරගය පහසුවෙන් ජය ගත්තේ පන්දු වාර 8 යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 75 ක් රැස් කරමින්.
    ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 42 යි. තරගයේ වීරයා ටබ්රේස් ශම්සි.
     
    මෙම ජයග්රහණයත් සමඟ ප්රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ සිටි ගෝල් ටයිටන්ස් කණ්ඩායම එහි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
    ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය ගෝල් ටයිටන්ස් සහ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දඹුල්ල අවුරා කණ්ඩායම් අතර ලබන බ්රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.
     
    ඉන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලබනවා. පරාජය වන කණ්ඩායමට දෙවැනි අවසන් පූර්ව තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව හිමිවනවා.
     
    දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන දෙවනි දෙවැනි කණ්ඩායම තේරීමේ තරගය ලබන බ්රහස්පතින්දා පැවැත්වෙන්නේ ප්රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ස්ථානයේ පසුවන බී ලව් කැන්ඩි කණ්ඩායම සහ සිව්වැනි ස්ථානයේ පසුවන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි.
     
    දෙවැනි අවසන් පූර්ව තරගය ලබන දහනම වැනි දා පැවැත්වීමට නියමිතයි.
     
    තරගාවලියේ අවසන් ඔහා තරගය විසි වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර් ආර් ප්රේමදාස ක්රිකට් ක්රීඩාංගණයේ දී.

    Latest News