ගාල්ලට පහසු ජයක්

අගෝ 15, 2023

    LPL තරගාවලියේ 20 වන තරගය ගෝල් ටයිටන්ස් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් අතර ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.



    කාසියේ වාසිය දිනූ ටයිටන්ස් නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ටයිටන්ස් පන්දුයැවීම හමුවේ අන්ත අසරණ වූ කලම්බෝ ඉනිම පන්දුවාර 15.4 ක් අවසන දී ලකුණු 74 කට සීමා වුනා.

    එය එල් පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි. කලම්බෝ කණ්ඩායමේ කිසිදු පිිතිකරුවකුට ලකුණු 14 සීමාව පසු කිරීමට නොහැකි වුනා. තබ්රාස් සම්ෂි කඩුලු 4ක් සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3ක් දවා ගත්තා.

    තරගය ජයග්‍රහණය සඳහා ටයිටන්ස් පිළට හිමිවූ ඉලක්කය ලකුණු 75ක්. ඒ අනුව පන්දු වාර 8.3 කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 75 ක් ලබා ගනිමින් ටයිටන්ස් පිල තරගයෙන් පහසු ජයක් අත් කර ගත්තා. ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 42යි.

    එළඹෙන 17 වනදා ගාල්ල ටයිටන්ස් පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී දඹුල්ල අවුරා සමග තරග වැදීමට නියමිත වනවා.

    Latest News