කොදෙව් පිල සියල්ලන් දැවී ලකුණු 354ක්

මාර් 31, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

    තරගය පැවැත්වෙන්නේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඇන්ටිගුවා හිදී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 354ක් රැස් කළේය. නායක ක්‍රිග් බ්‍රැත්වෙට් ලකුණු 126යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 4ක් දවා ගැනිමට සමත්විය. දුෂ්මන්ත චමීර කඩුලු 3යි.

    පිළිතුරු ලෙස ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදී. ලහිරු තිරිමාන්න ලකුණු 55යි. දෙවැනි දිනය නිමාවන විට පිටියේ නොදැවී රැඳී සිටියේ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා.

    Latest News